ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කෙරුණු පසුගිය 15 වනදා ඔහු බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පැමිණි මාර්ග පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
ඒ, අනුව එම මාර්ග ආශ්‍රිතව ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන ලබාගනිමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
බොරැල්ල පොදු සුසාන භූමියේ දී අත් පා ගැට ගසා බරපතළ තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටිය දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය 15 වැනිදා දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්වුණා.
මෙම අභිරහස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන අතර, මේ වනවිටත් පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.




