දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන බිරිඳගෙන් CIDයට ප්‍රකාශයක්

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකු පිළිබඳ සැක මතුවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සිද්ධියට අදාළව මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඊයේ සවස පැය 4කට වැඩි කාලයක් ඇයගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතන සිද්ධියට අදාළව මේවන විට 30 දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන මෙම විමර්ශනයේදී දිනේෂ් ෂාෆ්ටර්ගේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකු පිළිබඳව ද දැඩි අවධානයක් යොමුවී ඇතැයි වාර්තා වනවා.

ව්‍යාපාරිකයා අභිරහස් ලෙස මරණයට පත්වූයේ පසුගිය 15 වනදායි.

මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවන විට CCTV කැමරා දර්ශන ද පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එම වීඩියෝවලට අනුව හෙළිවී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් තම මෝටර් රථයේ ගමන් කර ඇත්තේ තනිවම බවයි.

පරීක්ෂණවලට අදාළව ඔහු භාවිත කළ ජංගම දුරකතනය සහ බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකතනයේ ද වාර්තා ලබාගැනීමට යොමුකර ඇතැයි සඳහන්.

පසුගිය 15 වනදා පස්වරුවේ දිනේෂ් ෂාෆ්ටර් නිවසෙන් පිටත්ව ගොස් තිබුණේ කිසියම් අයෙකු හමුවීමට යන බව පවසමින්.

කෙසේවෙතත් ඔහුගේ විධායක නිලධාරියා පොලිසියට ප්‍රකාශකර තිබුණේ තම ප්‍රධානියා කෝටි 143ක ණය මුදලක් සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස් හමුවීමට යන බවට තමාට ප්‍රකාශ කළ බවයි.

මේ අතර ඔබ එන තෙක් මා රැඳී සිටිනවා යනුවෙන් එදින තමාට ෂාෆ්ටර්ගෙන් කෙටි පණිවුඩයක් ලැබුණ ද එවැනි හමුවක් යොදාගෙන නොතිබූ බැවින් තමා ඊට ප්‍රතිචාර නොදැක්වූ බවයි බ්‍රයන් තෝමස් ප්‍රකාශකර තිබුණේ.

මෙම සිදුවීම සිදුවූ කාලය තුල බ්‍රයන් තෝමස් නිවසේ රැඳී සිට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

විමර්ශණ නිලධාරීන් සැක පළ කරන්නේ ඝාතනය සිදු කළ පාර්ශවය විසින් නිලධාරීන්ගේ අවදානය වෙනතකට යොමු කිරීම සඳහා මෙම කෙටි පණිවුඩය දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනයෙන් යොමු කරන්නට ඇති බවටයි.

නිවසින් පිටව ගිය ව්‍යාපාරිකයා රාත්‍රිය වන තෙක්ම නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන තිබූ අතර එය ක්‍රියාත්මක නොවීම නිසා කළ සොයා බැලීමේදී දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය බොරැල්ල සුසාන භූමිය අසල ඇති බවට සොයාගෙන තිබුණා.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ විධායක නිලධාරියා එම ස්ථානයට ගොස් කළ සොයා බැලීමේදීයි ව්‍යාපාරිකයාගේ සිරුර එහි තිබී සොයා ගැණුනේ.

සිද්ධියට අදාළ CCTV දර්ශන අනුව ව්‍යාපාරිකයාගේ මෝටර් රථය පිටුපසින් ගමන් කළ සැක කටයුතු රථයක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණ සිදු කරනවා.

එහි ලියාපදිංචි අංකය ඇතුලු තොරතුරු ලබාගනිමින් විමර්ශන සිදුකරන බවයි ඔවුන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?