දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන බිරිඳගෙන් CIDයට ප්‍රකාශයක්

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකු පිළිබඳ සැක මතුවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සිද්ධියට අදාළව මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඊයේ සවස පැය 4කට වැඩි කාලයක් ඇයගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතන සිද්ධියට අදාළව මේවන විට 30 දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන මෙම විමර්ශනයේදී දිනේෂ් ෂාෆ්ටර්ගේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකු පිළිබඳව ද දැඩි අවධානයක් යොමුවී ඇතැයි වාර්තා වනවා.

ව්‍යාපාරිකයා අභිරහස් ලෙස මරණයට පත්වූයේ පසුගිය 15 වනදායි.

මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවන විට CCTV කැමරා දර්ශන ද පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එම වීඩියෝවලට අනුව හෙළිවී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් තම මෝටර් රථයේ ගමන් කර ඇත්තේ තනිවම බවයි.

පරීක්ෂණවලට අදාළව ඔහු භාවිත කළ ජංගම දුරකතනය සහ බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකතනයේ ද වාර්තා ලබාගැනීමට යොමුකර ඇතැයි සඳහන්.

පසුගිය 15 වනදා පස්වරුවේ දිනේෂ් ෂාෆ්ටර් නිවසෙන් පිටත්ව ගොස් තිබුණේ කිසියම් අයෙකු හමුවීමට යන බව පවසමින්.

කෙසේවෙතත් ඔහුගේ විධායක නිලධාරියා පොලිසියට ප්‍රකාශකර තිබුණේ තම ප්‍රධානියා කෝටි 143ක ණය මුදලක් සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස් හමුවීමට යන බවට තමාට ප්‍රකාශ කළ බවයි.

මේ අතර ඔබ එන තෙක් මා රැඳී සිටිනවා යනුවෙන් එදින තමාට ෂාෆ්ටර්ගෙන් කෙටි පණිවුඩයක් ලැබුණ ද එවැනි හමුවක් යොදාගෙන නොතිබූ බැවින් තමා ඊට ප්‍රතිචාර නොදැක්වූ බවයි බ්‍රයන් තෝමස් ප්‍රකාශකර තිබුණේ.

මෙම සිදුවීම සිදුවූ කාලය තුල බ්‍රයන් තෝමස් නිවසේ රැඳී සිට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

විමර්ශණ නිලධාරීන් සැක පළ කරන්නේ ඝාතනය සිදු කළ පාර්ශවය විසින් නිලධාරීන්ගේ අවදානය වෙනතකට යොමු කිරීම සඳහා මෙම කෙටි පණිවුඩය දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනයෙන් යොමු කරන්නට ඇති බවටයි.

නිවසින් පිටව ගිය ව්‍යාපාරිකයා රාත්‍රිය වන තෙක්ම නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන තිබූ අතර එය ක්‍රියාත්මක නොවීම නිසා කළ සොයා බැලීමේදී දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය බොරැල්ල සුසාන භූමිය අසල ඇති බවට සොයාගෙන තිබුණා.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ විධායක නිලධාරියා එම ස්ථානයට ගොස් කළ සොයා බැලීමේදීයි ව්‍යාපාරිකයාගේ සිරුර එහි තිබී සොයා ගැණුනේ.

සිද්ධියට අදාළ CCTV දර්ශන අනුව ව්‍යාපාරිකයාගේ මෝටර් රථය පිටුපසින් ගමන් කළ සැක කටයුතු රථයක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණ සිදු කරනවා.

එහි ලියාපදිංචි අංකය ඇතුලු තොරතුරු ලබාගනිමින් විමර්ශන සිදුකරන බවයි ඔවුන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34