දිනෙන් දින මුහුද බිළිගන්නා ඉරණවිල සුන්දර වෙරළ තීරය (ඡායාරූප)

මුහුද රළු වීම හේතුවෙන් හලාවත – ඉරණවිල ප්‍රදේශයේ තවත් නිවසක් ඊයේ (21) සවසට මුහුදට බිළි වුණා.

කලක සිට මෙම ප්‍රදේශයේ පවතින මුහුදු ඛාදනය හේතුවෙන් මේ වන විට නිවාස 02 ක් සම්පූර්ණයෙන්ම මුහුදු ඛාදනයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම නිවාසවල පදිංචිව සිටි පිරිස් මේ වනවිට වෙනත් ස්ථනයක තාවකාලිකව පදිංචි කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊයේ (21) පස්වරුව වනවිට මුහුද රළුවීමත් සමඟ දැවැන්ත රළ පහරට හසුවී එක් නිවසකට හානි සිදු වන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් නිවසේ තිබූ ගෘහ භණ්ඩ ඇතුළු අනෙකුත් දෑ ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම නිවසට යාබදව ඇති අනෙක් නිවස ද මේ වනවිට ක්‍රමයෙන් මුහුදට යමින් පවතින ආකාරයක් දැකගැනීමට හැකි වූ බවයි එහි ගිය අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රචණ්ඩ වූ මුහුදු රළ හලාවත – නයිනමඩම මාර්ගය හරහා ගමන් කරමින් තිබෙන ආකාරයක් ද දක්නට ඇති අතර, මේ හේතුව නිසා මාර්ගයට මෙන්ම මුහුදට බටහිරෙන් පිහිටි නිවාස වලට ද ඉදිරියේදී හානි සිදුවිය හැකි බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

මෙම තත්ත්වය මේ ආකාරයටම පැවතුනහොත් ඉරණවිල මුහුදු තීරය සම්පූර්ණයෙන්ම මුහුදු ඛාදනයට ලක්ව විනාශයට පත්වන බවද ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?