දිනක වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි

ඊයේ දිනයේ නැවතත් මෙරට වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වුණා.

ඒ අගෝස්තු 9 වනදා සිදුවූ මරණ 118 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟයි.

අදාල මරණ අතරින් මරණ 101ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ වන අතර ඉන් 64 දෙනෙකු පිරිමි පුද්ගලයන්.

කාන්තාවන් 37 දෙනෙකුද එම 101 දෙනා අතර සිටිනවා.

වයස අවුරුදු 30 ත් 59 ත් අතර ඛාණ්ඩයේ මරණ 17ක් වාර්තා වන අතර ඉන් 15ක්ම පිරිමි පුද්ගලයන්.

ඊයේ මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2904 ක් ලෙසයි.

ඒ අනුව  මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 332,947 දක්වා ඉහළ ගියා.

කෙසේ වෙතත්, වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ 339,074ක් ලෙසයි.

ඒ අනුව, ඊයේ වාර්තා වු ආසාදිතයින 2904  අමතරව කොරෝනා රෝගින් 3223 දෙනෙකු  එහි වැඩිපුර සටහන් වි තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෙතින් විමසිමක් කළ අතර, ඔහු  සඳහන් කළේ පසුගිය සතිය තුළ ප්‍රමාද වි වාර්තා වු කොරෝනා අසාදිතයින් 3223 දෙනෙකු ඊට  ඇතුළත් කර ඇති බවයි.

මේ අතර තවත් ස්පුටින්ක කොරෝනා එන්නත් මාත්‍රා 15,000 ක් අද අළුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

එසේම, විවිධ රෝගවලින් පීඩා විඳින බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මකයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ එම වැඩසටහන නාරාහේන්පිට යුද හමුදා රෝහල, ගම්පහ මහ රෝහල සහ කළුතර – නාගොඩ මහරෝහලේදී පෙරවරු 8 සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් නොගත් කිසිවෙකු තම තොරතුරු, මධ්‍යස්ථාන වෙත සපයා නොමැති නම් හෝ මෙම වැඩසටහන ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 1906 දුරකථන අංකය ඔස්සේ කොව්ඩ් 19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතන ලෙසද දැනුම් දෙනවා.

මේ අතර පළාත් අතර සංචරණ සීමා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක අතර නිල රාජකාරිවලට අනුයුක්ත පුද්ගලයින්ට ඒ සඳහා බාධාවක් නොමැති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

එසේම මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 50 දෙනෙකුට සීමා කෙරුණා.

මේ අතර කොළඹ 01 සර්. බාරෝන් ජයතිලක මාවතේ ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තු මහජන ස`බදතා කවුලු අද සිට ලබන 20 වනදා දක්වා වසා තැබෙන බව මහ බැංකුව නිවේදනය කළා.

එහි සේවයේ නියුතු නිලධාරීන් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිත වීම ඊට හේතුව බවයි සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40