‘දිට්වා’ නිසා දිවි අහිමි වූ අය සිහි කරමින් දානමය පිංකමට ජනපති එක්වෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පල්ලෙගලදෙබොක්කා ග්‍රාමසේවා වසමේ නෙළුම්මල ගම්මානයේ කිලෝමීටර් 05කට අධික ප්‍රදේශයක් නාය යෑමෙන් මියගිය අය සිහිපත් කරමින් තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මයක් අද (27) පමුණුපුර, බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායකද එම අවස්ථාවට සහභාගි වුණා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ මෙම නාය යාමෙන් නෙළුම්මල ගම්මානයේ පවුල් 13කට අයත් පුද්ගලයන් 31 දෙනෙක්ගේ ජීවිත අහිමි වුණා.

ඔවුන් ඇතුළුව ආපදා තත්ත්වයෙන් මියගිය සියලු දෙනා සිහි කරමින් මහා සංඝරත්නය 70 නමක් විෂයයෙහි මෙම දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණු අතර ඊට සමගාමිව ඊයේ (26) පස්වරුවේ බෝධි පූජා පිංකමක් සහ පිරිත් දේශනයක්ද සංවිධානය කර තිබුණා.

අද (27) පැවති දානමය පුණ්‍යකර්මයට සහභාගි වූ ජනාධිපතිවරයා මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වීමටද එක් වුණා.

එමෙන්ම, ජනාධිපතිවරයා මිය ගිය අයගේ පවුල්වල ඥාතීන් සමඟ කෙටි කතාබහකද නිරත වූ අතර ඔවුන් වෙත සිය සංවේගය පළ කර සිටියා.

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04