AFC Banner
AFC Banner
Empty Ad

දැවීයාමකින් ලෝක වාර්තාවක් පිහිට වූ මුජීබ් උර් රහ්මාන්

ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමඟ ඊයේ පැවති තරගයේ දී දැවීයාමකින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන්ට හැකියාව ලැබුණා.

ඒ, පිට පිට එක්දින තරග දෙකක දී හිට් විකට් ආකාරයට දැවී ගිය ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

එහි පළමු අවස්ථාව ලෙස ආසියානු කුසලානයට පෙර නිමාවූ පාකිස්ථානය එරෙහි තරගාවලියේ තුන්වන එක්දින තරගයේ දී මුජීබ් මේ ආකාරයේ දැවී ගියා.

ඇෆ්ගනිස්ථාන දඟ පන්දු උවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් හිට් විකට් ආකාරයට දැවීගිය දෙවන අවස්ථාව ලෙස සටහන් වූයේ බංග්ලාදේශය සමඟ ලාහෝර් හිදී ඊයේ පැවති තරගයයි.

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් යැවූ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කළ මුජීබ් උර් රහ්මාන් එම අවස්ථාවේ දී තම පසු පාදය කඩුල්ලේ වැඩිම හේතුවෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ඒ, අනුව මුජීබ් උර් රහ්මා ක්‍රිකට් වාර්තා අතරට එක් වුණේ පිට පිට දෙවතාවක්ම හිට් විකට් ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසටයි.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
12
+1
1
+1
5
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?