දැවීයාමකින් ලෝක වාර්තාවක් පිහිට වූ මුජීබ් උර් රහ්මාන්

ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමඟ ඊයේ පැවති තරගයේ දී දැවීයාමකින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන්ට හැකියාව ලැබුණා.

ඒ, පිට පිට එක්දින තරග දෙකක දී හිට් විකට් ආකාරයට දැවී ගිය ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

එහි පළමු අවස්ථාව ලෙස ආසියානු කුසලානයට පෙර නිමාවූ පාකිස්ථානය එරෙහි තරගාවලියේ තුන්වන එක්දින තරගයේ දී මුජීබ් මේ ආකාරයේ දැවී ගියා.

ඇෆ්ගනිස්ථාන දඟ පන්දු උවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් හිට් විකට් ආකාරයට දැවීගිය දෙවන අවස්ථාව ලෙස සටහන් වූයේ බංග්ලාදේශය සමඟ ලාහෝර් හිදී ඊයේ පැවති තරගයයි.

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් යැවූ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කළ මුජීබ් උර් රහ්මාන් එම අවස්ථාවේ දී තම පසු පාදය කඩුල්ලේ වැඩිම හේතුවෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ඒ, අනුව මුජීබ් උර් රහ්මා ක්‍රිකට් වාර්තා අතරට එක් වුණේ පිට පිට දෙවතාවක්ම හිට් විකට් ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසටයි.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
12
+1
1
+1
5
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ පාර ආණ්ඩුවෙන් අවුරුදු නැකත් සීට්ටු නැද්ද..?
11:43
Video thumbnail
"කළු බ්ලවුස් එකක් දැක්ක ගමන් උඹලා ඇඹලයෝ වෙනවා" වීරකැටිය ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්..
02:19
Video thumbnail
ඉන්ධන මිල සූත්‍රය නිසා කුපිත වුණ බස් සංගම්..කොමිසම් සභාවට අපි සතියයි කල් දෙන්නේ
03:47
Video thumbnail
තෙල් පෝලිම් නිසයි තෙල් මිල වැඩි කළේ
14:48
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15