දැරිය මියයෑමේ සිද්ධියේ 5වන සැකකරු ලෙස බදියුදීන්ව නම් කෙරේ

ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල සහිතව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ 5වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම්කර තිබේ.

එම සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

ඒ එම නඩුව අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුවය.  

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනි දැරිය පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව පසුගියදා මිය ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?