දැරියකට අතවර කළ තරුණයෙක්ට දැඩි ඇප කොන්දේසි මත නිදහස

විදෙස්ගතව සිටින මවගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇති බව පවසමින් බාලවයස්කාර දැරියක්ව රවටා කාමරයට ගෙන්වාගෙන ඇයට අතවර කළ බවට චොදනා ලැබූ සැකකරුවෙක් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

එහිදී සැකකරුට රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර, ඇපකරු ළඟම ඥාතියෙකු විය යුතු බවටත් එම ඇපකරුගේ ඥාතීත්වය සහ පදිංචිය ග්‍රාම නිලධාරී මඟින් සනාථ කළ යුතු බවටත් අධිකරණය මෙහිදී දන්වා තිබෙනවා.

මෙලෙස ඇප නියම කර ඇත්තේ මල්වතුහිරිපිටිය, හේනේගම, ගැටුමාන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අවුරුදු 14ක් වයසැති දැරියක් සැකකරු විසින් මෙලෙස අතවරයට ලක්කර ඇති අතර, කෙටි පරිවාස වාර්තාව සමඟ එම දැරිය රුපියල් ලක්ෂ 05ක බැඳුම්කරයක් මත ඇයගේ නැන්දා වෙත භාරදීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය පියා සහ සහෝදරයා සමඟ නිවසේ ජීවත්වන බවත් රාත්‍රියට නිදාගැනීම සඳහා ඇය නිවස අසල පදිංචි නැන්දාගේ නිවසට යන බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

දිනක් රූපවාහිනිය නැරඹීම සඳහා රාත්‍රී කාලයේ අසල්වැසි නිවසකට දැරිය ගොස් ඇති අතර, එම නිවසේ සිටි සැකකරු විදෙස්ගතව සිටින දැරියගේ මව තමන්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇති බවට දැරියට පවසා තිබෙනවා.

ජංගම දුරකථනය කාමරයේ ඇති බව පවසා ඇති සැකකරු මව සමඟ කතා කරන ලෙස දන්වා දැරියව කාමරයට කැඳවාගෙන ගොස් ඇයට අතවර කර ඇති බවයි වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ.

දැරියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කර ඇති අතර, මෙම නඩුව ලබන අප්‍රේල් 27 වනදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10