දැරණියගල සිද්ධිය මත් ජාවාරම්කරුවන් සංවිධානාත්මකව සිදුකළ දෙයක් – නියෝජ්‍ය ඇමති වටගල

දැරණියගල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට යාමේ දී පොලිසිය සහ පිරිසක් අතර ඇති වූ සිදුවීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සංවිධානාත්මකව සිදුකළ දෙයක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

අදාළ සිදුවීම නීත්‍යනුකූල රාමුව ඇතුළේ විසඳා ගැනීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

නීත්‍යනුකූල රාමුව ඇතුළේ කටයුතු කරමින් සිටිය දී රජය අපහසුතාවයට පත්වන ආකාරයට ඇතැම් කල්ලි කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අද (20) උදෑසන කොළඹ 13, සංඝමිත්තා මාවත ප්‍රදේශයේ පැවති වසට්ස්හනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දැරණියගල, හම්බානවල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුමක දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

හම්බානවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුව අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සැරසී මෙම වැටලීම සිදුකර ඇති බවයි.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන් සමඟ ගැටුමක් ඇති කරගෙන තිබුණා.

එම අවස්ථාවේ දී අදාළ පිරිස චෝදනා කළේ පොලිස් නිලධාරීන් අතින් මත්ද්‍රව්‍ය දමා, අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

අදාළ සිදුවීමට සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ ඊයේ සංසරණයවීමත් සමඟ මෙම සිදුවීම පිළිබඳව රටේම අවදානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40