දැඩි සත්කාරයට ඇතුළත් කළ හිටපු ජනපති රනිල්ට සංකූලතා තත්ත්වයක් (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව රෝහල් ගතකළ ඒ ඔහුව වෛද්‍ය උපදෙස් මත ප්‍රථමයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළා.

අනතුරුවයි ඒ හිටපු ජනධිපතිවරයා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති වූ දැඩි විජලන තත්ත්වයෙන් සංකූලතා තත්ත්වයක් මතුව ඇති බවයි රෝහල් ආරංචිමාර්ග මේ වනවිට සඳහන් කරන්නේ.

රෝහලේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ හේතුවෙන් මේ වනවිට හිටපු ජනාධිපතිවරයාගේ හෘදයේ සහ වකුගඩු ආශ්‍රිතව වෙනස් තත්ත්වයක් මේ වනවිට නිරීක්ෂණය කර ඇති බවයි.

මෙම වෙනස් තත්ත්වය දවස් දෙක තුනක් ඇතුළත යළි යථාතත්ත්වයට පත්වීමට බොහෝ විට අවස්ථාවක් ඇති බවයි රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර විජලන තත්ත්වය සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ වනවිට තදබල ලෙස ඔළුවේ කැක්කුමක් හටගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තාවනවා.

මේ අතර හිටපු ජනාධිපතිවරයාට හෘදයාබාධ ඇතිවීමේ අවධානමක් පවතීද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂා කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඔහුගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා විශේෂඥ වෛද්‍යවරු මේ වනවිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යහපත් ද නැතිද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ලෙස පැවසිය හැක්කේ හෙට (25) දිනයේ වනවිට බවයි රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් සියයට සියයක් සෞඛ්‍ය සම්පන්න නොවුන ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට මනා සිහිබුද්ධියකින් පසුවන බවයි රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
84
+1
4
+1
92
+1
9
+1
4
Subscribe
Notify of
12 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02