අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව රෝහල් ගතකළ ඒ ඔහුව වෛද්‍ය උපදෙස් මත ප්‍රථමයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළා.
අනතුරුවයි ඒ හිටපු ජනධිපතිවරයා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති වූ දැඩි විජලන තත්ත්වයෙන් සංකූලතා තත්ත්වයක් මතුව ඇති බවයි රෝහල් ආරංචිමාර්ග මේ වනවිට සඳහන් කරන්නේ.
රෝහලේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ හේතුවෙන් මේ වනවිට හිටපු ජනාධිපතිවරයාගේ හෘදයේ සහ වකුගඩු ආශ්‍රිතව වෙනස් තත්ත්වයක් මේ වනවිට නිරීක්ෂණය කර ඇති බවයි.
මෙම වෙනස් තත්ත්වය දවස් දෙක තුනක් ඇතුළත යළි යථාතත්ත්වයට පත්වීමට බොහෝ විට අවස්ථාවක් ඇති බවයි රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර විජලන තත්ත්වය සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ වනවිට තදබල ලෙස ඔළුවේ කැක්කුමක් හටගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තාවනවා.
මේ අතර හිටපු ජනාධිපතිවරයාට හෘදයාබාධ ඇතිවීමේ අවධානමක් පවතීද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂා කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර ඔහුගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා විශේෂඥ වෛද්‍යවරු මේ වනවිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යහපත් ද නැතිද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ලෙස පැවසිය හැක්කේ හෙට (25) දිනයේ වනවිට බවයි රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් සියයට සියයක් සෞඛ්‍ය සම්පන්න නොවුන ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට මනා සිහිබුද්ධියකින් පසුවන බවයි රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.















