දාහතේ තරුණයා අවුරුදු 13ක දැරියක් කෙළෙසලා

වයස අවුරුදු 13ක බාල වයස්කාර දැරියක් දූෂණය කළ බව කියන 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා.

ඊයේ (20) මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව, කරඩිපූවල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

2021 වසරේ දී දැරියගේ සහෝදරයාගේ බිරිඳගේ නිවසේ දී සැකකරු විසින් දැරියට මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් දැරියගෙන් අනාවරණය කරගත් තොරතුරු මත සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

දූෂණයට ලක්වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු අද (21) දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?