දානිගල කන්දේ අතරමං වූ සිසුන් සිව්දෙනා පැය 03ක මෙහෙයුමකින් පසු මුදාගැනේ

ඓතිහාසික කන්දේගම – දානිගල කඳු මුදුනේ පැය ගණනාවක් අතරමං වී සිටි පාසල් සිසුන් සිව්දෙනකු, පැය 03ක පමණ මෙහෙයුමකින් පසුව නිරුපද්‍රිත ව මුදා ගැනීමට අරලගංවිල විශේෂ කාර්‍යය බලකාය, පොලිසිය සහ දම්මින්න දෙවැනි අණදෙන රෙජිමේන්තු සෙබළුන් පිරිසකට හැකි වුණා.

අප වාර්තාකරු පැවසුවේ, අද (27) රාත්‍රියේ දී මෙම පාසල් සිසුන් මුදා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අතරමං වීමෙන් පසුව මෙම සිසුන් කෑකෝ ගසන ශබ්දයක් කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇසී ඇති බවත්, ඒ බව අරලගංවිල පොලිසියට දන්වා ඇති බවත් සඳහන්.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අරලගංවිල පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ දම්මින්න යුද හමුදා කඳවුර එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු
අතරමං වූ සිසුන් සිව්දෙනා සොයාගැනීමට හැකි වුණා.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය, නව නගරය ප්‍රදේශයේ පදිංචි 17 වන වියෙහි පසු වූ තරුණයන් දෙදෙනෙකු, මැදගම පිහිටි සිය මිතුරෙකුගේ නිවසට පැමිණ තිබෙන අතර එම යාළුවන් දෙදෙනා ද කැටුව මොවුන් සිව්දෙනා දානිගල කන්ද තරණය කර තිබෙන බවත් එහිදී ඔවුන් මෙලෙස අතරමං වී ඇති බවයි පවසා ඇත්තේ.

මෙම පාසල් දරුවන් සිව්දෙනා අද රාත්‍රියේ දී දෙමව්පියන්ට භාරදීමට කටයුතු කරන බව අරලගංවිල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න මහතා සඳහන් කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34