ද්විත්ව බදු පැනවීම වැළැක්වීමට රුමේනියා, ශ්‍රී ලංකා සහයෝගීතාවයක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ රුමේනියානු තානාපති ඩෝම්නා ස්ටෙලූසා ආහිරේ අතර හමුවක් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.

රුමේනියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ, සයිබර් ආරක්‍ෂාව සහ සංචාරක වැනි නව ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම සාකච්ඡාවලදී එකඟත්වයක් ඇතිව තිබෙනවා.

දෙරට අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගීතාවයට මෙන්ම නව ක්ෂේත්‍රවල ආයෝජනවලට එළඹීමට ගත යුතු පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ රුමේනියානු තානාපතිවරිය අතර විස්තරාත්මක සාකච්ඡා මෙහිදී පැවැත් වුණා.

අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ, සයිබර් ආරක්‍ෂාව සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සහ සහයෝගීතාව පිළිබඳ සලකා බලන ලෙස මෙහිදී අග්‍රාමාත්‍යවරයා රුමේනියාවෙන් ඉල්ලා සිටියා.

පසුගිය වසරේ ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 127ක් දක්වා සිව්ගුණයකින් වර්ධනය වීම පිළිබඳව සතුට පළ කළ තානාපතිවරිය, වෙළෙඳ ක්‍රියාවලිය තව තවත් කඩිනම් කිරීම සඳහා ද්විත්ව බදු පැනවීම වැළැක්වීම සඳහා තම රට ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරන බව සඳහන් කළා.

නව කෙටුම්පත සඳහා දෙපාර්ශ්වයේම අනුමැතිය ලැබීමෙන් පසු අධ්‍යාපනය, සංස්කෘතිය, ක්‍රීඩා සහ මාධ්‍ය සහයෝගීතාව පිළිබඳ තවත් අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ හැකි බව ද ඇය පැවසුවා.

රුමේනියාවේ ශ්‍රී ලාංකිකයන් 40,000ක් පමණ සේවය කරන අතර ඔවුන් ආර්ථිකයට දක්වන දායකත්වය ඉතා අගය කළ යුතු බවත්, ඔවුන් ද තම ප්‍රේෂණවලින් ශ්‍රී ලංකාවට දායක වන බවත්, රුමේනියානු තානාපතිවරිය සඳහන් කළා.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා ලබාදීම සම්බන්ධයෙන් රුමේනියා රජයට අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය ස්තූතිය පුද කර සිටියා.

පසුගිය කාලයේ රුමේනියාව ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා 1960 ගණන්වල විදේශ සමාගම් ජනසතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයු‍මෙහි අවහිරයක් ඇති වූ විට රුමේනියානු තෙල් සැපයීම සහ දුම්රිය මැදිරි, රේල් පීලි සැපයීම පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34