ද්විත්ව පුරවැසියෙකුගෙන් අල්ලස් ඉල්ලූ නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සිපිරිගෙට

ඉඩමක් සඳහා ගෙවිය යුතු රජයේ මුද්දර ගාස්තු මුදල අඩුකර සකස් කරදීම සඳහා ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා නොවැම්බර් මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළා.

ශ්‍රී ලංකාවේ හා ඩෙන්මාර්කයේ ද්විත්ව පුරවැසියෙකු බව කියන චෙන්කලඩි පදිංචි සුහර්පිල්ලේ කැබරියන් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කෙරුණේ.

පැමිණිලිකාර පුද්ගලයා ඩෙන්මාර්කය සිට නිවාඩුවක් ගතකිරීම සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදී චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි පර්චස් 65ක ඉඩමක් මිලියන 10 ට මිල දී ගෙන ඇති බව ද ඒ සඳහා රුපියල් හය ලක්ෂක මුදලක් මුද්දර ගාස්තු වශයෙන් ගෙවා ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

ඉඩම ලබාගත් පැමිණිලිකාර පුද්ගලයා එම ඉඩම බලා ගැනීම සඳහා ඔහුගේ සහෝදරයකුට භාරදී නැවත ඩෙන්මාර්කය බලා පිටත්ව ගොස් ඇති අවස්ථාවක ඉහත සඳහන් කළ නියෝජ්‍ය කොමසාරිස්වරයා එම ඉඩම බලාගත් පැමිණිලිකරුගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබා දී එම ඉඩමේ වටිනාකමට අදාළ මුද්දර ගාස්තු ගෙවා නොමැති බව දැනුම්දී ඇති බව පැමිණියකරු තම කොමිසන් සභාව වෙත දැනුම් දුන් බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එම ඉඩමේ තක්සේරු වටිනාකම රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයක් බවත් ඒ සඳහා මුද්‍දර ගාස්තුව වශයෙන් රුපියල් අටලක්ෂයක් ගෙවිය යුතු බවට නියෝජ්‍ය කොමසාරිස්වරයා පැමිණිලිකරුගේ සහෝදරයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු ඒ බව විදෙස්ගතව සිටින ඉඩමේ හිමිකරු වන පැමිණිලිකරුට දන්නවා ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණු බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එම මුද්දර ගාස්තු සඳහා ගෙවිය යුතු රුපියල් අටලක්ෂයක මුදල රුපියල් දෙලක්ෂ පනස්දහස දක්වා අඩුකරදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් තමන්ට ලබා දෙන ලෙස සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා පැමිණිලිකරුගේ සහෝදරයාට දැනුම්දී ඇති බවත් පසුව එම සහෝදරයා විදෙස්ගතව සිටින පැමිණිලිකරුට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දී ඇති බව ද එම නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

ඒ අනුව විදෙස්ගතව සිටි පැමිණිලිකාර පුද්ගලයා මෙරටට පැමිණීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇති බවත් එම නිලධාරීන් ලබා දී තිබෙන උපදෙස් අනුව පැමිණිලිකාර පුද්ගලයා පසුගිය 15වන දින පෙරවරුවේ නැගෙනහිර පළාත් ආදායම් කාර්යාලයට ගොස් නියෝජ්‍ය කොමසාරිස්වරයාට අදාල අල්ලස් මුදල ලබාදීමට තැත් කිරීමේ දී කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා නොවැම්බර් මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි දැනුම්දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?