දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට අපහාස වන ආකාරයේ ප්‍රචාරණ බෑ – අධිකරණය

දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑල මහතාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වන නියෝගයක් සුදත්ත තිලකසිරි නමැත්තාට එරෙහිව කොළඹ දිසා අධිකරණ අද (16) නිකුත් කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, සිය නීතිඥයන් මාර්ගයෙන් ගොනු කරන ලද නඩුකරයකට අදාළ ව එම නඩුවේ විත්තිකරුවන් වන සුදත්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චිගේ යන දෙදෙනාට එරෙහිව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන මහතා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන බවයි.

ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහිව සෘජුව හෝ වක්‍රව අපහාස වන ආකාරයේ ප්‍රවෘත්ති පළ කිරීම හෝ ප්‍රකාශයන් පළ කිරීම මෙන්ම ඕනෑම ආකාරයක අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම තහනම් කර තිබෙනවා.

විත්තිකරුවන් විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවන්හි එවැනි දේ පළ කිරීම ද එම වාරණ නියෝගය මගින් තහනම් කර තිබෙනවා.

පැමිණිලිකාර ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් නීතිඥ රසික දිසානායක, නීතිඥ අසංක ජයනාත්, නීතිඥ චෙරාග් නිල්ගිරිය යන මහත්වරු පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
6
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34