විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස සොයා ගත් විදේශීය දුම්වැටි තොගයේ මුළු වටිනාකම රුපියල් 10 ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ.
ඊයේ (12) පස්වරුවේ ගාල්ල වරාය පොලිස් වසමේ දෙවැට ප්රදේශයේ පිහිටි සංචාරක හෝටලයක දීයි මෙම පුද්ගලයාව අදාළ දුම්වැටි තොගය සමග අත් අඩංගුවට ගැනුණේ.
මෙහි තිබී තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි 13,300ක තොගයක් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2
















