දසුන් ශානකගෙන් විශේෂ ප්‍රකාශයක්

අද(30) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දසුන් ශානක පැවසුවේ පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පැයට කිලෝ මීටර 140 ක ට වැඩි වේගයකින් පන්දු යැවිය හැකි වේග පන්දු යවන්නන් තිදෙනෙකු සිටීම නායකයෙකු ලෙස තමන්ට මහත් වාසියක් සහ ශක්තියක් බවයි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කළේ,

“ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර පුහුණු තරගවලට සහභාගී වුණා. ඔවුන් සූදානම්. ආසියානු කුසලානය ගැන හිතලා අපි දැන් වැඩ කරන්නේ නැහැ. ඒක ඉතිහාසය විතරයි. දැන් අපේ අරමුණ අලුත් තරගාවලිය.චරිත් ගැන අපිට කොයිවෙලාවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහුගේ දක්ෂතාවයට ඔහු අනිවාර්යයෙන්ම එනවා.පන්දුයැවීමේ බලය වැඩිකර ගැනීමට අපි අවධානය යොමු කළා. තරගයකදී පන්දුවෙන් කරන්න පුළුවන් විවිධ වෙනස්කම් ගැන අපි පුහුණු වුණා. ඒක තමයි අපේ පුහුණු සැසිවලදී සිදුවුණේ.”

“වනිඳු ට ඕනෑම තත්ත්වයක් යටතේ පන්දුයවන්න හැකියාවක් තිබෙනවා.ධනංජයව බලන්න වෙන්නේ ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ තමයි. නමුත් ඔහු අනිවාර්යයෙන්ම කණ්ඩායමේ ඉන්නවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙයකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ඔස්ට්‍රේලියාවේලී ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
D.V. චානක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..තෙල් ලංකාවට එන්න කළින් කොහොමද මිල වැඩි කළේ..?
06:39
Video thumbnail
ආණ්ඩු ප්‍රබලයෙක් ඉදිරියේ කාන්තාවක් කිව්ව සැර කතාව.."ඡන්ද ටික ගන්න නම් අනිවාර්යෙන් එනවා"
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට වටගලගෙන් රතු එළි..ඔබ විනාශ කරන්නේ රටේ ජනතාව
01:36
Video thumbnail
දිට්වා සුළිකුණාටුවෙන් පොඩි ගැස්සීමක් වුණා..බඩු මිල වැඩි වෙනවා..ඒක වළක්වගන්න බැහැ
03:27
Video thumbnail
නිරෝෂන් - විමල්ට හොඳම එකෙන් දෙසයි..සජිත් කියන්නේ අටලෝ දහමින්ම කම්පා නොවන නායකයෙක්..
06:13
Video thumbnail
කියන්න දෙයක් නෑ..අසාර්ථක ආණ්ඩුවක්..ඉදිකිරීම් ද්‍රව්‍ය වැඩි කිරීම නිසා ජනතාව දැඩි අසරණවෙයි
01:31
Video thumbnail
නිරෝෂන් ආණ්ඩුවේ කෙරුවාව එකින් එක හෙළිකරයි..මෙයාලට අවු:25ක් හිරේ ඉන්න වෙයි..මේ Gota Two
05:54
Video thumbnail
උද්දච්චකම පැත්තක තියලා රනිල්ගෙන් ගිහින් උපදෙස් ගන්න..අජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
08:21
Video thumbnail
චමින්දගෙන් සැර සත්තමක් - ආණ්ඩුව Fail..යුද්දය පෙන්නලා සාක්කු පුරවගන්නවා මේ කයිතන් ආණ්ඩුව
09:30
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16