දශක තුනක කුරිරු යුද්දය අවසන් වී අදට වසර 14යි

දශක තුනක් තිස්සේ මෙරට පැවති L.T.T.E ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 14ක් සපිරෙනවා.

ඒ හේතුවෙන් රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී L.T.T.E නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අභීත රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.

එම ජයග්‍රහණය වෙනුවෙන් යුද හමුදා , ගුවන්හමුදා , නාවිකහමුදා , පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවන් විසි අට දහසකට (28000) ආසන්න ප්‍රමාණයක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූවා.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

ඒ වගේම විසි හත් දහසකට (27000) අධික පිරිසක් සටනේදී ආබාධිත තත්ත්වයට පත් වුණා.

රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට සහ රට වෙනුවෙන් අබාධිත වූ සියළු රණවිරුවන්ට අපගේ උත්තමාචාරය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14