දශකයකට පසු චීනයට ප්‍රබල සුළි කුණාටුවක්

චීන භූමියට දකුණින් පිහිටි ජනප්‍රිය සංචාරක දූපතක් දශකයේ ප්‍රබලතම සුළි කුණාටුවට මුහුණ දී තිබෙනවා.

එම භූමි ප්‍රදේශයට ව්‍යසනකාරී සුළං සහ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අද (06) දිනයේ මෙම සුළි කුණාටුව පැමිණ ඇති අතර එය පැයට කිලෝ මීටර් 223 ක වේගයෙන් හයිනාන් දූපතේ ඊසාන දෙසින් පිහිටි වෙන්චැං නගරයට කඩා වැදී තිබෙනවා.

පුද්ගලයන් 46 දෙනෙකුට මරු කැඳවමින් 2014 දී පැමිණි රම්මසුන් සුළි කුණාටුවට පසුව හයිනාන්ට වෙත කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව යාගි සුළි කුණාටුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ යාගි චීනයේ වැඩිම ජනගහනයක් සහිත පළාත වන හයිනාන් සහ අසල්වැසි ගුවැන්ඩොං හි ව්‍යසනකාරී හානියක් සිදු කළ හැකි බවයි.

බලධාරීන්ගේ නියෝගයෙන් සියලුම සංචාරක ආකර්ෂණ ස්ථාන වසා දැමීමට තීරණය කර ඇති අතර දශකයක් තුළ එහි දකුණු වෙරළ තීරයට පහර දෙන ප්‍රබලතම සුළි කුණාටුව යාගි බවයි චීන බලධාරීන් විශ්වාස කරන්නේ.

ඊයේ(05) සිට කලාපයේ ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සහ තද සුළි කුණාටු තත්ත්වයක් පැවතී ඇති අතර චීනයේ කාලගුණ අධිකාරිය අපේක්ෂා කරන්නේ පවතින වර්ෂාපතනය මිලිමීටර් 500 දක්වා ඉහළ යනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04