දලයි ලාමාගේ අනුප්‍රාප්තිකයා ගැන අනාවරණයක්

දලයි ලාමාගේ අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත උපත ලබනු ඇති බව ටිබෙට් බුද්ධාගමේ අධ්‍යාත්මික නායකයා සිය නවතම කෘතියේ සඳහන් කර තිබෙනවා.

89 හැවිරිදි වියේ පසු වූ දලයි ලාමාගේ අභාවයෙන් පසු දලයි ලාමාගේ ආයතනය දිගටම පවත්වාගෙන යාමට ලොව පුරා සිටින ටිබෙට් ජාතිකයින්ට අවශ්‍ය බව ඔහු විසින් ලියන ලද Voice for the Voiceless හි සඳහන් කර ඇතැයි රොයිටර්ස් වාර්තා කරනවා.

අධ්‍යාත්මික නායකයින්ගේ පෙළගැස්ම ඔහුගෙන් අවසන් විය හැකි බව ඔහු මීට පෙර පවසා තිබුණා.

ඔහුගේ අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත යැයි ඔහු විස්තර කරන “නිදහස් ලෝකයේ” උපත ලබන බව දලයි ලාමා විසින් ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි

ඔහු මීට පෙර පවසා ඇත්තේ ටිබෙටයෙන් පිටත, සමහර විට ඔහු පිටුවහල්ව ජීවත් වන ඉන්දියාවේ නැවත ඉපදිය හැකි බව පමණි.

මාඕ සේතුංගේ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයට එරෙහිව අසාර්ථක කැරැල්ලකින් පසු 1959 දී 14 වැනි දලයි ලාමා ටෙන්සින් ග්‍යාත්සෝ, 1959 දී තවත් දහස් ගණන් ටිබෙට් ජාතිකයන් සමඟ ඉන්දියාවට පලා ගියා.

ටිබෙට් අරමුණ සජීවීව තබාගැනීම වෙනුවෙන් 1989 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගත් දලයි ලාමාව චීනය හඳුන්වනු ලබන්නේ “බෙදුම්වාදියෙකු” ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?