ප්‍රශව වේදනාවෙන් සිටි කාන්තාවක් තම නිවසේදීම දරුවා බිහිකර කුණු ගොඩකට බැහැර කර මිනී මැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාළ කාන්තාව තඹුත්තේගම පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාචක් බවත්, ඇය පසුගිය 16 දා පස්චරු 02ත් 03ත් අතර කාලයේදී දරුවා ප්‍රසුත කර එම දරුවා කුණු ගොඩකට බැහැර කර තිබූ බවට තොරතුරුලැබුණු බව පොලිසිය කියයි.
මෙම සැකකාර මව සහ දරුවා මේ වනවිට තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කළා.
මෙම අපරාධ ක්‍රියාව සම්බන්ධයෙන් සැකකාර මවගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි