දරු ප්‍රසූතියේ දී බිම වැටුණු බිළිඳා දැඩිසත්කාර ඒකකයේ දී මිය ගිහින් (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ තම දරුවා බිමට වැටී දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ජීවිතක්ෂයට පත් වූ බව එම දරුවාගේ මව පවසනවා.

අනුරාධපුර, රඹෑව, කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසු වන තක්ෂිලා උදයංගනී මව, සිය දෙවන දරුවා බිහි කිරීම සඳහා පසුගිය 10 වනදා කල්ලංචිය රෝහලට ඇතුළත්ව තිබෙනවා.

එහිදී එම රෝහලේ පවතින අඩුපාඩු හේතුවෙන් ඇයව දරු ප්‍රසූතිය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

පසුව ප්‍රසූතිකාගාරයේ දී බිළිඳා ප්‍රසූත කිරීමෙන් පසු දරුවා බිම වැටුණු බවත්, එම අවස්ථාවේ දී දරුවා අල්ලා ගැනීමට එහි සිටි කිසිවෙකුටවත් නොහැකි වූ බව මව පවසනවා.

අනතුරුව හෙදියන් විසින් තම බිළිඳාව කඩිනමින් දැඩිසත්කාර ඒකකයට යොමු කිරීමට කටයුතු කළ බව ද එම බිළිඳාගේ මව සඳහන් කරනවා.

ඒ, අනුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට බිළිදා අද (13) උදෑසන ජීවිතක්ෂයට පත් වූ බවයි එම මව වැඩිදුරටත් සඳහන් කළේ.

බිළිදාගේ පියා පවසන්නේ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම හේතුවෙන් තමන්ට සිය බිළිදාව අහිමි වූ බවත් මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී සිදුනොවීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
12
+1
0
+1
4
+1
112
+1
10
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?