දරුවා කොවිඩ් ආසාදිත වුවහොත් කළ යුතු දේ

කොවිඩ් -19 ආසාදිත දරුවන් දෛනිකව 25ත් 30ත් අතර ප්‍රමාණයක් වාර්තාවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශකළේ මේ දක්වා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත දරුවන් 16 දෙනෙකු මියගොස් ඇති බවය.

“රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් -19 රෝගය වැලඳුණු දරුවන් 165ක් පමණ ප්‍රතිකාර ලබනවා. ඊට අමතරව දැඩි සත්කාර ඒකකයේ දරුවන් සිව්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙ‌සේවෙතත් දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් දෛනිකව වාර්තා වෙනවා. මේ වනවිට මෙම රෝහලේ දී දරුවන් 16ක් පමණ මිය ගොස් තිබෙනවා. ඒ් දරුවන්ගෙන් සියයට 90ක්ම වගේ වෙනත් රෝගාබාද තිබෙන අය. දෙමාපියන්ට කියන්න තියෙන්නේ කොරෝනා යැයි සිතෙන යම්කිසි රෝග ලක්ෂණයක් තිබේනම් දරුවාව ඉක්මනින්ම ළඟම තිබෙන රෝහලට රැගෙන යන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?