දරුවන් නොමැති නිසා මාමණ්ඩිය, ලේලිව අවසන් ගමන් යවයි

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ දීග් දිස්ත්‍රික්කයේ විවාහක කාන්තාවක් ඇයගේ සැමියාගේ පියා විසින් ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ කාන්තාව දරුවන් බිහි නොකරන බවට චෝදනා කරමින් සැමියාගේ පියා කලක සිට ඇය සමඟ විරසකව සිට ඇති අතර පසුගිය දා සැකකරු විසින් ඇයව ඝාතනය කර ඇති බවයි ප්‍රාන්ත පොලිසිය පවසන්නේ.

අදාළ ඝාතනයට පසු ඇයගේ ජීවිතය අහිමි වීම අහම්බයෙන් සිදු වූ බවට ඔප්පු කිරීම සඳහා සැමියාගේ පවුලේ සාමාජිකයන් උත්සාහ දරා තිබෙනවා.

නිවසේ ගින්නක් ඇතිකර එම ගින්නට හසුවී එම කාන්තාව ජිවිතක්ෂයට පත් වූ බව හැඟවීමට පවුලේ සාමාජිකයන් කටයුතු කර ඇති බවයි පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් අදාළ මරණය සම්බන්ධයෙන් ගම්වාසීන්ට ඇති වූ සැකය මත ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙතට පැමිණිලි කර තිබෙන බවත් සිද්ධිය දැනගත් පොලිසිය ඒ අවස්ථාවේම අදාළ නිවැසියන්ට එම මළ සිරුර ආදාහනය නොකරන ලෙස දුරකතනයෙන් දැනුම් දී තිබෙනවා.

නමුත් නිවස වෙත පොලිසිය ලඟා වන මොහොතේදීත් මළ සිරුර ආදාහනාගාරයක් වෙතට රැගෙන ගොස් ඇති අතර පොලිසිය විසින් ආදාහන කටයුතු නතර කර මළ සිරුර පොලිස් භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ සර්ලා නම් 2005 වසරේදී විවාහ වූ කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
11
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?