දරුවන් අතර ඩෙංගු සහ චිකන්ගුන්යා වැළඳීමේ වැඩිවීමක්

පසුගිය සතිය නිරීක්ෂණය කිරීමේ දී දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

පසුගිය කාලයේ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මදුරු ගහනය ඉහළ ගොස් ඇති බව සඳහන් කළ වෛද්‍යවරයා, තව දුරටත් මදුරු ගහණය ඉහළ ගියහොත් ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගී තත්ත්වයන් ඉහළ යා හැකි බවයි.

ඒ, අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලු දෙනා අවධානය යොමුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වයස අවුරුදු දෙකට අඩු දරුවන්, ගර්භණී මව්වරුන් සහ වයසක පුද්ගලයින්ට චිකන්ගුන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?