දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වූ බලපෑමක් ගැන සමීක්ෂණ වාර්තාවක් එළියට

කොවිඩ් සමයේ පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වූ බලපෑම පිළිබද සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදු කර තිබෙනවා.

එහි දී අනාවරණ වී ඇත්තේ මෙරට දරුවන්ගේ සාක්ෂරතා මට්ටම දරුණු පසුබෑමකට ලක්ව ඇති බවටයි.

2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2022 වසරේ ජනවාරි මාස දක්වා කාලය තුළදී කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවූ බලපෑම පිළිබඳ මෙමගින් සොයා බලා තිබෙනවා.

සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009ක 3 වන ශ්‍රේණියේ දරුවන් දස දහසක් යොදා ගනිමින් සවන් දීම, කථන හැකියාව, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේ යි මෙම සංගණනය සිදු කර ඇත්තේ.

එහිදී අනාවරණ වී ඇත්තේ එම පිරිසෙන් සියයට 90කට පමණ ප‍්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ සංඛ්‍යා පිළිබඳ දැනුමක් නොමැති බවයි.

ඒ සඳහා සහභාගී වූ දරුවන්ගෙන් සවන්දීමේ කුසලතාව සාක්ෂාත් කරගෙන තිබුණේ සියයට 27ක් පමණයි.

කථන කුසලතාවට මුහුණ දුන් දරුවන්ගෙන් සියයට 20ක් පමණක් සමත්වී තිබූ අතර සියයට 80ක පිරිස එය අසමත්වී තිබෙනවා.

සමීක්ෂණයට සහභාගී වූ දරුවන්ගෙන් සියයට 37 දෙනෙකු කියවීමේ කුසලතාව සම්පූර්ණ කර තිබූ අතර ලිවීමේ කුසලතාව සම්පූර්ණ කිරීමට සමත්වී තිබුණේ සියයට 34 ක ප‍්‍රතිශතයකට පමණයි.

සංඛ්‍යා දැනුම පරීක්ෂා කිරීමේදී සියයට 7ක ප‍්‍රතිශතයක් එය සමත්ව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පාසල් වසා දමා තිබූ කාලසීමාව තුළ දරුවන්ගෙන් සියයට 26කට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සඳහා ප‍්‍රවේශයක් ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34