දයාසිරිට මෛත්‍රීගෙන් යළි ඇරයුමක් – මහ ලේකම් ධුරයම අවශ්‍ය බව කියයි (වීඩියෝ)

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන පක්ෂයට එක්වන වන ලෙසට ආරාධනයක් ලැබී තිබෙනවා.

පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මෙම ආරාධනය කර ඇත්තේ පසුගිය දා මන්ත්‍රීවරයා තම නිවසට කැඳවා කරන ලද සාකච්ඡාවක් අතරතුරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම පක්ෂයේ මහලේකම් ධුරය දැරූ දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී තහනම් කරනු ලැබුවා.

ඒ, සමගම මන්ත්‍රීවරයාට මහලේකම් ධුරයේ කටයුතු කිරීම ද තහනම් කෙරුණු අතර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව ද දැනුම් දී තිබුණා.

කෙසේ නමුත් පසුගිය දිනෙක දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය නිවසට කැඳවූ මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී ඇත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධුරය භාරගන්නේ නම් දැනට ඔහුට විරුද්ධව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ඉවත් කරගැනීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම් ධුරය හැර වෙනත් තනතුරක් භාරගැනීමට තමන් සූදානම් නැතැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ (30) පැවති විශේෂ කාරක සභා රැස්වීමක දී පක්ෂයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සභාපති, භාණ්ඩාගාරික සහ ජාතික සංවිධායක තනතුරු වෙනස් කෙරුණා.

ඒ, අනුව එම තනතුරු දැරූ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය ඉවත් කෙරුණු අතර එම තීරණයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?