දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමනාකරුට ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තු

එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට  බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන  දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමනාකරුවෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංග එස්. බෝදරගම අද (25 ) නියෝග කළා.

මුදලට තරඟ පවා දීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාලව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ  විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමට දැනුම් දී තිබුණද ඔහු නොපැමිණී බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.

එම නිසා සැකකරුට ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තු නිකුත් කරන්නැයි එම ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළා.

එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට  බලපෑම් කලේ යැයි කියන කණ්ඩායම් හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසි   බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශ  සටහන් කර ගැනීම අවශ්‍ය බැවින්, එම කළමනාකරුට අධිකරණය මඟින් නොතීසි නිකුත් කර ඇතත් ඔහු එම නොති සිය අනුව පෙනී සිට නොමැතිබව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සුපුල් විධානගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තමීම් රහ්මාන් සැකකරුට  අධි චෝදනා ගොනු කිරීමට  නියමිත බැවින් කළමනාකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.

මූජීන් අල් රවුමාන්  කළමනාකරු ,මුදලට ක්‍රිකට් පාවාදීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී සාකච්ඡා කර ඇති බවත්,තමීම් රවුමන් සැකකරුගේ අනු දැනුම මත එම ක්‍රියාව කළ කළමනාකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීම සිදු කළ යුතු බවත් පැවසූවා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය  දෙසැම්බර් 5 දින දැනුම් දෙන ලෙසට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණූ පුද්ගලයෙක් කොටුවෙයි
00:47
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් සිදු වූ බිහිසුණු අනතුර
01:07
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04