දඹුල්ලේ දී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට

ඊයේ (19) උදෑසන කාලයේ දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල – වෑවල මාර්ගයේ කැප්ඇල ප්‍රදේශයේ දී කණ්ඩලම දෙස සිට වෑවල වැව දෙසට ධාවනය කළ බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදු ව වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මෙලෙස මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මරණකරු වයස අවුරුදු 25 ක් වූ කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය සම්බන්ධයෙන් දඹුල්ල රෝහලේ දී පශ්චාත් මරණ පරික්ෂණය සිදුකර ඥාතීන් වෙත භාර දී ඇති අතර අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?