දඹුල්ලේ කර්මාන්ත ශාලාවක් නිසා ප්‍රදේශවාසීන් අසරණ වෙයි

දඹුල්ල පහලවැව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් පිට වන දුමාරයක් හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවට ප්‍රදේශවාසී ජනතාව පවසනවා.

මේ හේතුවෙන් කුඩා දරුවන්ටද සමේ රෝග හටගෙන ඇති වන බවත් එම දුවිලි අංශු නිවෙස් දොර ජනෙල් ආශ්‍රිතව පවතින බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරනු ලබනවා.

මෙම සිදුවීම පිළිබදව ජනතාව දඹුල්ල මහානගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත පැමණිලි කර ඇති අතර පසුව මේ පිළිබද දඹුල්ල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සොයාබැලීමක් ද සිදුකර තිබෙනවා.

ඒ අනුව අදාළ කර්මාන්තශාලාව පරික්ෂා කිරීමේදී අවිධිමත් ලෙස ජලය බැහැර කිරීමක්ද නිරික්ෂණය වී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?