දන්සල් වලියකින් මාලඹේ කැළඹු හෙල්මට් චන්ඩි 05ක් අත්අඩංගුවට

පොසොන් පොහොය දින මාලබේ නගරයේ පැවති දන්සලක් අසල දී තරුණයෙක්ට පිරිසක් විසින් අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

මේ සම්බන්ධයෙන් ඊයේ (30) දින මාලබේ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මාලබේ නගරයේ සංවිධානය කල බත් දන්සලක ආහාර ගැනීමට යන පෝලිමක සිටි අයෙක් විසින් එම පෝලිමට පිටතින් එකතු වීමට පුද්ගලයින් දෙදෙනෙක් උත්සාහ කිරීමේදී එයට විරුද්ධව වීම හේතුවෙන් මෙම ගැටුම ඇති වී ඇති බව දැනට කරන ලද විර්මශනයේදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීසිං ක්‍රමයට හාල් දෙන්න කොහේවත් තීරණයක් අරගෙන නෑ
03:52
Video thumbnail
බූරු කුට්ටමේ ඉන්න ජෝකර්ලා වෙනුවට උඹලාගේ ෆොටෝ එකක් දාගන්න
06:41
Video thumbnail
ලෝක අර්බුධය පාවිච්චි කරලා අපි හොරකම් කළේ නෑ
11:41
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:31
Video thumbnail
මහ පාරට කුණු දාලා කඩුවෙල අපිරිසිදු කරන කට්ටිය
01:45
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36