දඩ මස් සහ තහනම් දෑ රැසක් ළඟ තබාගත් ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපු මහතාට ඇප

වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කරනු ලැබූ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් ඇතුළු දඩ මස් තොගයක් සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාවක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයේ සිටි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි නියෝග කර තිබෙනවා.

ඊයේ (21) එම සැකකරු අධිඅකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 05 බැඟින් ශරීර ඇප දෙකක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බලපෑම් නොකරන ලෙසටද විසින් සැකකරුට තරයේ අවවාද කරා තිබුණා.

එමෙන්ම මෙම ලබන ජනවාරි මස 22 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුට නියමකර තිබෙනවා.

සැකකරු සමඟ අත් අඩංගුවට ගත් විවිධ වන සතුන්ගේ මස් කොටස්වල සාම්පල ජාතික සත්වෝද්‍යානයට යවා ඊට අදාළ වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසටද වනජීවී නිලධාරීන්ට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු සමඟ අත්අඩංගුවට ගත් ගල් ඉබ්බන් පශූ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර සුදුසු ස්ථානයකට මුදා හරින ලෙසටද නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
18
+1
1
+1
2
+1
4
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51


?