දඩ මස් සහ තහනම් දෑ රැසක් ළඟ තබාගත් ශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපු මහතාට ඇප

වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කරනු ලැබූ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් ඇතුළු දඩ මස් තොගයක් සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාවක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයේ සිටි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි නියෝග කර තිබෙනවා.

ඊයේ (21) එම සැකකරු අධිඅකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 05 බැඟින් ශරීර ඇප දෙකක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බලපෑම් නොකරන ලෙසටද විසින් සැකකරුට තරයේ අවවාද කරා තිබුණා.

එමෙන්ම මෙම ලබන ජනවාරි මස 22 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුට නියමකර තිබෙනවා.

සැකකරු සමඟ අත් අඩංගුවට ගත් විවිධ වන සතුන්ගේ මස් කොටස්වල සාම්පල ජාතික සත්වෝද්‍යානයට යවා ඊට අදාළ වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසටද වනජීවී නිලධාරීන්ට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු සමඟ අත්අඩංගුවට ගත් ගල් ඉබ්බන් පශූ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර සුදුසු ස්ථානයකට මුදා හරින ලෙසටද නියෝග කර තිබෙනවා.

  1. මේ හාදයට මොකුත් වෙන්නෙ නැ. අර වනජිවි නිලධාරින් රොත්ත පිටින් මාරැකරදායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37