දඩැල්ලේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩැල්ල ප්‍රදේශයේ දී අද (04) අලුයම සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 52ක පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා සිය පුත්‍රයා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය සුනඛයෙකුගේ ගැටීමෙන් පසු පෙරළී ගොස් ඇති අතර, එහිදී අදාළ පුද්ගලයා මාර්ගය මත වැටී තිබෙනවා.

එම අවස්ථාවේ පැමිණි බස් රථයකට යට වී මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් පුත්‍රයාට මෙම අනතුරින් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !