දකුණේ ඝාතන රැල්ල ගැන අජිත් රෝහණ කතා කරයි

ගාල්ල මාපලගම සිරිසුනන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට (06) සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ  අජිත් රෝහණ මහතා මෙසේද පැවසුවේ භාරදුන් අභියෝගය භාර ගෙන දකුණේ ඝාතන රැල්ල නිසැකවම මර්දනය කරන බවයි. 

“දකුණේ පාතාලයක් කිව්වට ඇත්තටම සිද්ධ වෙන්නේ අපරාධ කරන කණ්ඩායමක් එහෙම නැත්නම් කිහිප දෙනෙක් යම් යම් ප්‍රදේශවල සිදුකරන අපරාධ. ඒකට හේතුව ඒගොල්ලො අතර මීට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච මනුෂ්‍ය ඝාතන. ඒ වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධව තිබෙන ප්‍රශ්න කීපයක්. 

දැනට මේ වනවිට සැකකරුවන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා, සිද්ධීන් හතරකට අදාළව. ඒ වගේම ටී 56 ගිනි අවියක්, බ්‍රවුනින් වර් යේ පිස්තෝලයක්  සොයාගෙන තියෙනවා, මනුෂ්‍ය ඝාටහන තුනකට අදාළව. 

සමහර සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපි කටයුතු කරනවා. ඒ  වගේම මේ අභියෝගය භාර ගෙන අපි මේ ඝාතන රැල්ල නිසැකවම මර්දනය කරනවා”