දකුණු මුහුදේ දී ඇල්ලූ හෙරොයින් කිලෝග්‍රෑම් 300 ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට

හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමඟ හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත මේ වනවිට රැගෙන විත් ඇති බව වාර්තා වනවා.

මහාරාවණ ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 10ක් දුරින් වූ ගැඹුරු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක තිබූ මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් 06 දෙනෙකු සමඟ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගනු ලැබුවා.

රුපියල් මිලියන 6,000කට අධික වටිනා කමකින් යුත් මෙම හෙරොයින් තොගය සොයාගන්නා අවස්ථාවේ දී ඇසුරුම් 300ක් වන සේ අසුරා තිබුණා.

මෙම හෙරොයින් තොගය රැගෙනයාමට පැමිණි තවත් කුඩා යාත්‍රාවක්ද සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.

හෙරොයින් තොගය ගොඩබිමට රැගෙන ඒමෙන් පසු එය ප්‍රවාහනය සඳහා පැමිණ සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සමඟ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 09 දෙනෙකු සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13