දකුණු පළාත් සභාවේ වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ලීක් වුණා ද? – දෙමාපියන්ගෙන් අවනඩුවක්

මේ දිනවල දිවයිනෙ බොහෝ පළාත්වල පාසල්වල දෙවැනි වාර විභාගය පැවැත්වෙනවා.

නමුත් දකුණු පළාතේ පාසල්වල වාර විභාග සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතු ව ඇති බවයි දක්නට ලැබෙන්නේ.

ඊට හේතුව වන්නේ දකුණු පළාතේ 23 වැනි දින එනම් පෙරේදා දිනයේ දී පැවැත්වූ විද්‍යාව හා තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය කලින් පිටව ඇති බවට පැතිරෙන කටකතා යි.

මේ හේතුවෙන් දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු ව ඇති බවටයි දෙමව්පියන් විසින් චෝදනා කරනු ලබන්නේ.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙනත් වර්ෂවල දී විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර පාසල්වලට නිකුත් කරන අතර මුදල් ගැටළු හේතුවෙන් මෙවර ප්‍රශ්න පත්‍ර CD තැටි (සංයුක්ත තැටි) මාර්ගයෙන් පාසල්වලට ලබා දී තිබෙනවා.

නමුත් එම ක්‍රියාවලියේ ඇතැම් තැන් හිල් සහිත බවට පෙන්වීමට මෙය කදිම නිදර්ශනයක් බවට පත් ව ඇත්තේ එම සංයුක්ත තැටිවල අඩංගු ප්‍රශ්න පත්‍ර පාසල් මට්ටමින් මුදුණය කර ගන්නා ලෙස උපදෙස් ලැබීම හේතුවෙන් ඉන් බොහොමයක් ප්‍රධාන ධාරාවෙහි පවතින විෂයයන්වල ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර සමාජගත වීම නිසාවෙන්.

මේ සම්බන්ධයෙන් අප ප්‍රාදේශීයකරුවන් පවා දකුණු පළාතේ විවිධ පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් කළ විමසුමක දී ඔවුන් පවසා ඇත්තේ එක් එක් විෂයට සංයුක්ත තැටි එවා තිබූ බවත්, ඒවා පාසල් මට්ටමින් මුද්‍රණය කරගත යුතු බවට දන්වා තිබීමයි.

මෙවන් පසුබිමක් මත පෙරේදා (23) දිනට නියමිත 11 ශ්‍රේණියේ විද්‍යා විෂයට අයත් CD තැටිවල තිබූ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර දිනයේ බොහෝ පාසල්වල ළමයින් අතට පත්වීම නිසා නිවසේ දී ප්‍රශ්නවලට පිළිතුරු ලියාගෙන විත් ඒම පිළිතුරු විභාග ශාලාවේ දී පිටපත් කරන අවස්ථාවේදී ගුරුවරුන් විසින් ඒවා ලබාගත් බවයි වාර්තා වී ඇත්තේ.

ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්නවල අනු පිළිවෙළට ම පිළිතුරු ලියා රැගෙන විත් තිබූ අතර විදුහල්පතිවරු මාර්ගයෙන් දකුණු පළාතේ කලාප අධ්‍යක්ෂකවරු මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ද ගුරුවරු පියවර ගත් බවට වාර්තා වනවා.

එපමණක් නොව, භාෂාව සම්බන්ධයෙන් අධ්‍යයනය කරනු ලබන සිංහල භාෂාව හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රයේ ද ( 11 ශ්‍රේණිය) සහ සෙසු ශ්‍රේණිවල ප්‍රශ්න පත්‍රවල සැලකිය යුතු මට්ටමින් අක්ෂර වින්‍යාස දෝෂ සහිත ව ප්‍රශ්න පත්‍ර සකසා ඇත්තේ කිසිවෙකුගේ සෝදුපත් පිරික්සීමකින් තොරව බවටයි පෙනී යන්නේ.

මෙලෙස විද්‍යා ප්‍රශ්න පත්‍රය පමණක් නොව, දරුවන් සහ දෙමාපියන් පවසන පරිදි චිත්‍ර, සෞඛ්‍ය, සිංහල, ගණිතය ආදී විෂයයන්වල ප්‍රශ්න පත්‍ර ද පෞද්ගලික උපකාරක පන්ති සිදු කරන පාසල් ගුරුවරුන් හෝ වෙන යම් හෝ ගුරුවරු හරහා විභාගයට පෙර සමාජගත වී ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් ළමයින්ගේ වාර විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය උපකාරක ගුරුවරුන් හරහා පිටව ඇති බවට දෙමව්පියන් සැක පළ කරන අතර; අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ව වගකිම් විරහිතව ක්‍රියා කරන එවැනි පුද්ගලයින් පිළිබඳ ව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට වගකිවයුතු බලධාරින්ගේ අවධානය යොමු කරවන ලෙසයි දෙමව්පියන් ඉල්ලා සිටින්නේ.

මේ අතර පසුගියදා නිමාවට පත් වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ගැන ද ආන්දෝලනයක් ඇති ව තිබෙනවා.

ඊට හේතුව වන්නේ එම ප්‍රශ්න පත්‍රය පරිපාලන සේවය විභාගයට යෙදිය හැකි ප්‍රශ්න පත්‍රයක් බවට චෝදනා එල්ල වීමයි.

5 වාර ශිෂ්‍යත්ව දෙමාපිය සංසදය චෝදනා කරන්නේ වයස අවුරුදු 10ක දරුවෙක්ට විශාල පීඩනයක් මෙවර ශිෂ්‍යත්ව විභායෙන් ඇති වූ බවයි.

එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ කිසිවෙකු සෝදුපත් පරීක්ෂාවක හෝ නොයෙදී ඇති බවටත්, එම ප්‍රශ්න පත්‍රයේ අක්ෂර වින්‍යාසය සහ සංකීර්ණ ප්‍රශ්න හේතුවෙන් දරුවන්ට මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දී දැඩි පීඩනයක් එල්ල වී තිබෙන බවත් මාධ්‍ය හමුවක් කැඳවමින් දෙමාපිය සංසදය සඳහන් කළා.

එක් අතකින් දකුණු පළාත් සභාවේ හර විෂයන් සහ අතිරේක විෂයන්වල සේ ම, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ මෙවැනි බැරෑරුම් ප්‍රශ්න ගණනාවක් මේ වනවිට හටගෙන ඇත්තේ කාගේ වරදින් ද ?

එයින් පීඬා විඳිය යුත්තේ දරුවන් සේ ම ඔවුන්ගේ දෙමාපියන් පමණක් ම ද? නැතහොත් අවංක ව සිය ගුරු වෘත්තිය කරන පාසල් ගුරුවරුන් ද එයින් අපහසුතාවට පත් නොවන්නේ ද?

දරුවන්ගේ දැනුම සහ වාරයේ ලබා ඇති අධ්‍යයන ප්‍රගතිය මැන ගැනීමට ඇති එක් සාධකයක් වන වාර විභාග පැවැත්වීම සම්බන්ධයෙන් මීට වඩා අවධානයකින් වගකිව යුතු බලධාරින් මෙන් ම නිලධාරින් ද කටයුතු කරමින්, මෙවැනි වංචනික ක්‍රියා සිදු කරන්නවුන් විධිමත් පරීක්ෂණයකින් සොයා ඔවුන්ට ලබාදිය හැකු උපරිම දඬුවම ලබාදීමට ක්‍රියා කිරීම ද රටේ අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් යැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
17
+1
7
+1
22
+1
4
+1
9
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29