දකුණු කොරියාවේ ශීඝ්‍රයෙන් පැතිර යන ළැව්ගිනි ගැන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

දින කිහිපයක සිට දකුණු කොරියාවේ ශීඝ්‍රයෙන් පැතිර යන ළැව්ගිනි ජාලාව පිළිබඳ ව එරට ශ්‍රමිකයින් වශයෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ළැව්ගිනි හේතුවෙන් කිසිදු අනතුරක් ශ්‍රී ලාංකිකයින්ට සිදු ව නොමැති බවයි.

කෙසේවෙතත් කුමන හෝ හේතුවක් මත ළැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම් දී ඇති අතර ඒ සඳහා හදිසි දූරකථන ඇමතුම් අංක ලෙස;

දූරකථන අංක – 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968 ලබා දී තිබෙනවා.

බීබීසී මාධ්‍යයට අනුව දකුණු කොරියානු ළැව්ගින්නෙන් මේ වනවිට එරට පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද මෙම ගින්නෙන් විනාශ වී තිබෙනවා.

දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ළැව්ගිනි වේගයෙන් පැතිරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

තවත් පුද්ගලයින් 27000ක් පමණ අවදානම් සහිත ස්ථානවලින් ඉවත් කරගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

දකුණු කොරියාවේ ගිනිකොණදිග කලාප 6ක ඇති වූ ළැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?