දකුණු කොරියාවට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමකට අනුව සෝල් නගරය “නොගැලපෙන” බවට චෝදනා කිරීමෙන් පසු, දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%ක් දක්වා ඉහළ නංවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය සටහනක ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, මෝටර් රථ, දැව, ඖෂධ ඇතුළු නිෂ්පාදන පරාසයක් සඳහා දකුණු කොරියාව සඳහා වන තීරු බදු 15% සිට 25%ක් දක්වා වැඩිකරන බවයි.

කෙසේ වෙතත් දකුණු කොරියාව පවසන්නේ ඇතැම් භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ නැංවීමේ තීරණය පිළිබඳව නිල දැනුම්දීමක් ලබා දී නොමැති බවත්, මේ සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ හදිසි සාකච්ඡා අවශ්‍ය බවයි.

දැනට කැනඩාවේ සිටින දකුණු කොරියානු කර්මාන්ත අමාත්‍ය කිම් ජුන්ග්-ක්වාන් එක්සත් ජනපද වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් හමුවීමට හැකි ඉක්මනින් වොෂින්ටනයට පැමිණෙන බවත් වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?