ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා 26,000ක් අද (05) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටක් මිලදී ලබාගත් පළමු අවස්ථාව මෙය ලෙසෙද සැලකේ.
නාරහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ විශේෂිත ගබඩා තුළ එම එන්නත් තොගය ගබඩා කිරීමට පියවර ගෙන ඇත.
එසේම ශ්‍රී ලංකාව විසින් මිළ දී ගත් මෙම ෆයිසර් වර්ගයේ තවත් එන්නත් මාත්‍රා 174,000 මෙම මාසය තුළ මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා මාධ්‍යට පවසා තිබේ. මේ එන්නතේ මෙරට ඒජන්තවරයා වන්නේ හේමාස් සමාගමයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5