දකුණු අප්‍රිකා – ඉන්දියා පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක්

ඉන්දියාව සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ, දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේ ඊයේ (09) රාත්‍රියේ පැවති තරගය කඩුලු 07කින් ජය ගනිමින්.

මෙම තරගාවලිය වෙනුවන්\පත්කළ ඉන්දීය සංචිතයේ නායකයාව සිටි ලෝකේශ් රාහුල් හදිසියේම තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ වගකීම රිෂාබ් පාන්ට හිමි වුණා.

ඒ අනුව ඔහුගේ නායකත්වය යත්තේ ඊයේ තරග බිමට පිවිසි ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකානු ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන්නා.

එම ආරාධනයෙන් ඉන්දීය පිතිකරුවන් කඩුලු 04කට ලකුණු 211ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වූ අතර එහිදී ආරම්භක පිතකරු ඉෂන් කිෂාන් පන්දු 48කදී ලකුණු 76ක් රැසක් කළා.

ශ්‍රෙයාස් අයියර් ලකුණු 36ක් සහ හර්දින් පාන්ඩයා නොදැවී ලකුණු 31ක් රැස් කළ අතර පන්දු යැවීමේදී කේෂව් මහාරාජ්, ඇන්රිච් නොර්ට්ජේ, වේන් පාර්නල් සහ ඩ්වේන් ප්‍රිටෝරියස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 212ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සිය වගකීම් කොටස අකුරටම ඉටුකරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා පවහසුවෙන් රැගෙන ගියා.

එහිදී වැඩි වගකීම් කොටසක් කරටගත් ඩේවිඩ් මිලර් සහ රසී වැන් ඩර් ඩුසෙන් ශතක සබඳතාවක් ගොඩනඟමින් විශිෂ්ඨ ඉනිමේ දෙකක් ක්‍රීඩා කළා.

ඩේවිඩ් මිලර් පන්දු 31ක් තුළ නොදැවී ලකුණු 64ක් (හයේ 05යි හතරේ 04යි) රැස්කළ අතර ඩුසෙන් පන්දු 46ක් තුළ නොදැවී ලකුණු 75ක් (හයේ 05යි හතරේ 07) රැස් කිරීමට සමත් වුණා.

බුවනේශ්වර් කුමාර්, හර්ෂා පටෙල් සහ අක්ශාර් පටෙල් දකුණු අප්‍රිකානු කඩුලු එක බැගින් බිඳ දැමුවා.

අවසානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19යි එක පන්දුවක් තුළ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

මෙම ජයග්‍රහණය වාර්තා අතර සටහන් වුණේ දකුණු අප්‍රිකානු කාණ්ඩායම විස්සයි විස්ස තරගයකදී හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ඒ අනුව තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස මේ වනවිට දකුණු අප්‍රිකාව පෙරමුණේ
පසුවනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඊයේ ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට ඇතුළත් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?