දක්ෂිණ අධිවේග මාර්ගයේ ගැලනිගම 12.3 කණුව ආසන්නයේදී පොලිස් විශේෂ කාර්යය බළකා 1969 ගිලන් රථයක් ඇතුළු වාහන පහක් එකිනෙක ගැටී තිබේ.
ඉන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ගැලනිගම අධිවේග රථවාහන පොලිසිය කියයි.
තුවාල ලැබුවන් අතර පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරයකු ද වෙයි.
මෙම අනතුරින් පොලිස් ගිලන් රථයට, කැබ් රථයකට, මෝටර් රථ දෙකකට හා ලොරි රථයකට අලාභානි සිදුවී ඇත.
ආපදාවට ලක් වු ලොරි රථයක් කොළඹ දෙසට ගමන් ගන්නා වම් මංතීරුවේ අයිනකට වන්නට ආලෝක පහන් දල්වා නතර කර තිබියදී එම දිසාවට ගමන් ගත් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් තුවාලකරුවන්ට රැගෙන යාමට පැමිණි ගිලන් රථය එම එම ස්ථානයේ නවතනවාත් සමඟම ගාල්ල දෙස සිට අධික වේගයෙන් පැමිණි කැබ් රථය ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පිටුපස ගැටී අනතුරුව ගිලන් රථයේ ගැටීමෙන් ගිලන් රථය අනතුරට පත්ව තිබූ මෝටර් රථයේ ගැටී අනතුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුරට පත්වූවන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.