දක්ෂිණ අධිවේගයේ මෝටර් රථයක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේ 97 වැනි කිලෝමිටරයේ දී මෝටර් රථයක් අද (05) ගිනි ගැනීමකට ලක්ව ඇති බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසනවා.

මෙම සිදුවීමෙන් මොටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාට කිසිදු අනතුරක් වී තිබුණේ නැහැ.

ඔහු අද උදැසන කොළඹ බලායාම සදහා පින්නදුව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුල් වී ඇති අතර අධිවේගි මාර්ගයේ  97 වැනි කිලෝමිටරයේ දි එකවරම මෝටර් රථයෙන්  දුමක් පැමිණ තිබුණු බව රියදුරු පවසා සිටියා.

පසුව රියදුරු විසින් මෝටර් රථයෙන් බැස ඇති අතර ඉන්පසු එකවරම දුම වැඩිවි මෝටර් රථය ගිනිගෙන තිබෙනවා.

මෝටර් රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවි ඇති අතර  පිටුපස අසුන් ගිනි ගැනිමෙන් හානියට පත්ව තිබුණා.

අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානයේ ගිණිනිවන රථයක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ බව අධිවේගි මාර්ගයේ  පින්නදුව පොලිස් ස්ථානය වැඩිදුරටත් පවසා සිටියා.

අදාළ සිදුවීමේ වීඩියෝව පහතින්

https://youtu.be/lsJ56GW9eFQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?