දක්ෂිණ අධිවේගයේ මෝටර් රථයක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේ 97 වැනි කිලෝමිටරයේ දී මෝටර් රථයක් අද (05) ගිනි ගැනීමකට ලක්ව ඇති බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසනවා.

මෙම සිදුවීමෙන් මොටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාට කිසිදු අනතුරක් වී තිබුණේ නැහැ.

ඔහු අද උදැසන කොළඹ බලායාම සදහා පින්නදුව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුල් වී ඇති අතර අධිවේගි මාර්ගයේ  97 වැනි කිලෝමිටරයේ දි එකවරම මෝටර් රථයෙන්  දුමක් පැමිණ තිබුණු බව රියදුරු පවසා සිටියා.

පසුව රියදුරු විසින් මෝටර් රථයෙන් බැස ඇති අතර ඉන්පසු එකවරම දුම වැඩිවි මෝටර් රථය ගිනිගෙන තිබෙනවා.

මෝටර් රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවි ඇති අතර  පිටුපස අසුන් ගිනි ගැනිමෙන් හානියට පත්ව තිබුණා.

අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානයේ ගිණිනිවන රථයක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ බව අධිවේගි මාර්ගයේ  පින්නදුව පොලිස් ස්ථානය වැඩිදුරටත් පවසා සිටියා.

අදාළ සිදුවීමේ වීඩියෝව පහතින්

https://youtu.be/lsJ56GW9eFQ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14