තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ – ඉන්ධනහල් හිමියන්ගේ සංගමය

ලබන 17 වැනිදා වන විට මෙරටට තවත් ඉන්ධන නෞකා පැමිණීමට නියමිත බවත්, රජය ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඊට අවශ්‍ය නායකත්වය ලබා දී ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ශ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඇතිව තිබෙන QR ක්‍රමවේදය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සහ ඇතිව තිබෙන තිබෙන තත්ත්වය පිලිබඳ අදහස් දැක්වීමට මාධ්‍ය හමුවට පැමිණි අවස්ථාවේදී යි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රජය විසින් අනුමත කර ඇති යටතේ QR ක්‍රමවේදය ඔස්සේ දිවයින පුරා ඉන්ධනහල් වලින් ඉන්ධන නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් QR කේත ඉදිරිපත් කළද බෝතල් සහ කෑන් සඳහා ඉන්ධන නිකුත් නොකරන බවත් එම සංගමයේ සභාපතිවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !