තුෂාර උපුල්දෙණියට එරෙහි පැමිණිල්ල අද විභාගයට

ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන්ට නිදහස ලබා දුන්නේ යැයි කියන බන්ධනාගාරගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට එරෙහි පැමිණිල්ල අද (25) දහවල් කැඳවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය දන්වා සිටියා.

වැඩ තහනමට ලක්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාරය නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී පැමිණිලි විභාගය මෙසේ පසුවට කල් තැබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු දක්වමින්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා අද උදෑසන පාර්ලිමේන්තුවේ පවතින විමර්ශනයක් සම්බන්ධයෙන් සහභාගී වන බැවින් විමර්ශන විභාගය පසුවට කල් තබන ලෙසට ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?