තුෂාර උපුල්දෙණියට ඇප (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට ඇප හිමි ව තිබෙනවා.

ජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව රැඳවියෙකු නිදහස් කිරීමේ චෝදනාවට විත්තිකාර උපුල්දෙණිය මහතා ව මෙලෙස බන්ධනාගාරගත කර සිටි අතර ඔහුව රුපියල් මිලියන 02ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසටයි අධිකරණය නියම කළේ.

එමෙන්ම විත්තිකරුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

මීට අමතර ව බන්ධනාගාර පරිශ්‍රයන් වෙත හෝ බන්ධනාගාර මූලස්ථානය වෙත ඇතුල් වීම ද සම්පූර්ණයෙන් ම තහනම් කිරීමටයි අධිකරණය සිය නියෝගයේ දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?