තුවාල ලත් පදිකයෙක් රෝහලට ගෙන ගිය මොරටු ට්‍රැෆික් ඕ.අයි.සී ඇතුලු 5කට වෙච්ච දේ

මොරටුව කහවත්ත මාර්ගයේ තුවාල ලබා වැටිසිටි පදිකයෙකු රෝහලට රැගෙන ගිය මොරටුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු ඊයේ (18) ස්වයං නිරෝධානයට ලක් කළ බව පොලිසිය පවසයි.
 
පසුගිය දා මොරටුව රාවතාවත්ත කහ ඉර මත දී පුද්ගලික බස් රථයක ගැටී 69 හැවිරිදි පුද්ගලයෙකු වැටී  සිට ඇති අතර ලැබුන දුරකථන ඇමතුමකට අනුව පොලිසිය එහි යනවිටත් අනතුරට ලක් වු අය රෝහලට ගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත්ව සිට නැත.
පොලිස් රථවාහන අංශ නිලධාරින් විසින් අනතුරට ලක් වු අය සිය පොලිස් ජංගම රථයෙන් පානදුර මුලික රෝහලට ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු මියගොස් සිට ඇත.මියගිය අයගේ මෘත දේහය ඔහුගේ ඥාතින් වෙත බාර දීමට පෙර රෝහලේදී සිදුකල පී සී ආර් පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත ලෙස වාර්තා පළවීම නිසා  ආශ්‍රිත පොලිස් නිලධාරින්  ස්වයං විරෝධයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පැවසීය.
 
අදාළ  මරණකරු පානදුර පොදු ආදාහනාගාරයේ  කොවිඩ් නීතිරීතිවලට අනුව ආදාහනය කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ පැවසීය.එමෙන්ම මරණකරුගේ නිවැසියන් වන දූ දරුවන් සහ බිරිඳ යන තුන් දෙනෙකු සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් තිදෙනා ආසාධිතයන් නොවන බවද සෞඛ්‍ය පැවසීය. මරණකරු පුද්ගලික ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයකු වන අතර ඔහු පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?