තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා නිල සංචාරයකට දිවයිනට

ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර පැවැත්වෙන ආර්ථික සහ සහයෝගීතාවය සදහා වූ ඒකාබද්ධ කමිටුවේ 03 වන සැසිවාරයට සහභාගී වීම සදහා තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් අද (24) අලුයම දිවයිනට පැමිණියා.

වෙළෙඳ අමාත්‍යාංශයේ වානිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මෙම සමුළුව අද (24) දින කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වීමට නියමිතයි

එහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපන, තාක්ෂණික සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ තවත් 08 දෙනෙකුගෙන් යුතු එරට ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් ද පැමිණ සිටියා.

මෙම පිරිස අද (24) දින අලුයම 05.05ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා වෙළෙඳ, වානිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම සමුළුවට සහභාගී වී ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය සහ ජනාධිපතිවරයා හමුවී ඔවුන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?