AFC Banner
AFC Banner
Empty Ad

තුන්සක රියේ දමා ගිය දරු සෙනෙහස (ඡායාරූප)

තලවකැලේ හින්දු කෝවිල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ බිළිඳියක් අතහැර දමාගොස් සිටිය දී ඊයේ (08) අලුයම් කාලයේ දී සොයාගෙන තිබෙනවා.

අදාළ ත්‍රිරෝද රථය දිනපතා එම ස්ථානයේ ගාල් කර තිබෙන එකක් බවට හඳුනාගෙන ඇති අතර, නගරයේ පිරිසිදු කිරීමට උදෑසනම පැමිණෙන නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසී ඒ පිළිබඳව සොයා බලා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ත්‍රිරෝද රථය තුළ අතහැර දමාගොස් සිටි බිළිඳිය හමුව ඇති අතර, පසුව අදාළ බිළිඳිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව පොලිසිය පැමිණ බිළිඳිය ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදීමට කටයුතු අර ඇති බවයි වාර්තා වන්නේ.

දින 12-14 පමණ වයසැති මෙම බිළිඳිය සොයාගන්නා අවස්ථාවේ දී මනා ශරීර සෞඛ්‍යයකින් සිට ඇති අතර ඇයට
තලවකැලේ පොලිස් නිලධාරිනියෙකුගෙන් මව්කිරි ද ලබාදී මෙලෙස රෝහල වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

බිළිඳිය ත්‍රිරෝද රථය තුළ දමාගිය අය පිළිබඳව මාර්ගයේ සවිකර ඇති ආරක්ෂිත කැමරාවල දර්ශන ඔස්සේ තලවකැලේ පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ලිඳුලි ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බිළිඳිය අනතුරුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?